(+94) 252050674
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Vijithapura M.V

අ/විජිතපුර මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Vijithapura M.V

අ/විජිතපුර මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 බටහිරින් ඓතිහාසික රජමහා විහාර භූමියත්, පැරණි ජය ගගත් උතුරෙන් නව ජය ගගත් නැගෙනහිරින් කුඩා කදු පන්තියක් හා උතුරුමැද පළාතේ වැඩි ප්‍රදේශයකට ජලය බෙදා දෙන දාසෙන් රජු ඉදි කළ, වර්තමානයේ මහවැලි ජලයෙන් පෝෂිත කලාවැවත් අතර රමණීය භූමි බාගයක විජිතපුර මහා විදුහල පිහිටා ඇත.

අ/විජිතපුර මහා විද්‍යාලය ආරම්භය සිදුව ඇත්තේ ක්‍රි.ව 1919 සිසුන් අට දෙනෙකුගෙනි.එවකට විහාරාධිපති වශයෙන් කටයුතු කල ගරු ඉදුරුව ශ්‍රි සුමන නායක ස්වාමීන් වහන්සේ හා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ආරම්භ කළ පාසල විහාරස්ථානයේ ධර්මශාලාවේ පවත්වාගෙන ගොස් ඇත.

මෙහි පළමු විදුහල්පති වූයේ නා හිමියන්ගේ ඥාතියෙකු වු ඇහැලේපොල මහතා ය.1931 දී මහා බෝධී සමාගමට පවරාදෙන තෙක්ම ඇහැලේපොල මහතා විදුහල්පති විය.අනතුරුව එම්. ජී. කරුණාසේන, පියසේන වැනි විදුහල්පතිවරු පාසලේ දියුණුවට කටයුතු කර ඇත.

1946 වර්ෂයේ රජයේ පාසලක් බවට පත් වූ අතර, ජේමිස් රණතුංග මහතා එම කාලයේ විදුහල්පති සේ කටයුතු කර ඇත.1952 වන විට ඩී.එල්.පී. අයිලප්පෙරුම මහතා විදුහල්පති වශයෙන් වැඩ බාරගෙන ඇත.
1953.12.04 දින ඉදුවර ශ්‍රි සුමන නායක නා හිමියන් විසින් විහාරස්ථානයට අයත් භූමියෙන් අක්කර තුනක කොටසක් පාසල වෙත පරිත්‍යාග කරන ලදි.
මේ අයුරින් ඇරඹි විජිතපුර විදුහල 1963.01.01 දින මහා විදුහලක් බවට ප්‍රකාශයට පත් විය.එවකට විදුහල්පති වූයේ ඩි. බී ඉලංගසිංහ මහතා ය.(1962-1972).
1964 වර්ෂයේ සිට අ.පො.ස. සා.පෙළ පන්ති ආරම්භ වූ අතර 1965 වර්ෂයේදී ප්‍රථම වරට සිසුහූ විභාගයට ඉදිරිපත් කර ඇත.

1979 වර්ෂයේ දී විදුහල්පති වූ ප්‍රේමදාස අබේසුන්දර මහතාගේ කාලය තුළ ගොඩනැගිලි සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව මත ප්‍රථම වරට දෙමහල් ගොඩනැගිල්ලක්, 100X20 ගොඩනැගිල්ලක් හා බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.
1984 වර්ෂයේ සිසුන්ට අවශ්‍ය ක්‍රීඩා පිටියක් සදහා භූමියක් එවකට විජිතපුර විහාරාධිපති හුරුළු කලාගම් දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හල්මිල්ල වැව ශ්‍රි ධම්මාරාම හිමියන් විසින් පාසලට පරිත්‍යාග කරන ලදි.
1989 සිට නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කළ ඩබ්.එම්.ඒ.කේ.සමරකෝන් මිය ජී.ඒකනායක මහතා විශ්‍රාම ලැබීමත් සමග 1999 විදුහල්පතිනිය ලෙස රාජකාරි බාරගත් අතර විදුහල් ඉතිහාසයේ පළමු විදුහල්පතිනිය වූවා ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග ප්‍රාථමික පන්ති කාමර ඉදිකිරීම;පුස්තකාලය;ක්‍රීඩා අංශය වර්ධනය විය.
සෞන්දර්ය අංශයේ නර්තනය සදහා දෙමාපිය මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් නර්තන සදහා දෙමාපිය මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් නර්තන ඒකකයක් ඉදි කරන ලදි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් නර්තන අංශයේ සිසුන් සමස්ථ ලංකා ජයග්‍රහණ අත්කර ගැනීම සිසු කල එලි මංගල්‍ය පැවත්වීම හා නර්තන අංශයෙන් සරසවි වරම් ලැබූහ.
එවක නර්තන ආචාරණි වයි.එම්. කුසුමලතා මියගේ කැපවීම සෞන්දර්ය අංශයේ ප්‍රබෝධයට හේතුපාදක විය.
ඉතිහාසයේ ප්‍රථමවරට සංගීත ගුරුවරියක ලැබුණු අතර දෙමාපිය මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් සංගීත ඒකකයක් ගොඩනැගීම සිදුවිය.
2000 වර්ෂයේ සංගීත හා නර්තන අංශ දෙකෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබීමට සිසුන් සමත් වූවා මෙන්ම විභාග ප්‍රතිඵලද ප්‍රසංසනීය විය.
විදුහලේ ජල ප්‍රශ්නය විසදීම සදහා ජල පද්ධතියක් විදුහල් භූමිය පුරා ව්‍යාප්ත කෙරුණ අතර ඒ පිළිබද උප ගුරු ඒ.එම්.කේ ජයතිලක මහතාගේ කැපවීම ඉතිහාසයට එක් විය යුතුම සත්කාරයකි.
2000.06.21 දින එම්.බී තෙන්නකෝන් මහතා විදුහල්පති වශයෙන් පැමිණි අතර අදාල ගොඩනැගිලි ( ආපන ශාලාව, දෙමහල් ගොඩනැගිල්ල,පරිඝණක ඒකකය,කාර්යාලය ) ඉදි කිරීම සිදු විය. 2003.05.19 එම්.බී තෙන්නකෝන් මහතා විශ්‍රාම ලැබූ අතර ඩබ්. එම්.ඒ.කේ.සමරකෝන් මිය නැවතත් විදුහල්පතිනිය වශයෙන් වැඩ බාරගන්නා ලදි.
ආචාර්යය පූජ්‍ය එස්.සුමනජෝති හිමියන්ගේ අනුශාසනාව මත මව් පිය ගුණ සම්භාවනා වැඩසටහන් හා විවිධ සාරධර්ම වර්ධන වැඩසටහන් දියත් කරන ලදි.
2004 වර්ෂය තුළ පරිගණක විද්‍යාගාරය හා නව තාක්ෂණ ඉගෙනුම් උපකරණ සහිත ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය මගින් ඉගෙනුම් ප්‍රබෝදයක් පාසල පුරා ඇතති විය.

 ආරම්භ කළ වර්ෂය

1919

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08

මුල් ගුරුතුමාගේ නම

උදුුවර ශ්‍රී සුමන නායක හිිමිියන්

පාසලේ ආදි කතෘගේ නම

ඇහලේපොළ මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පාසලට නමක්  නොතිබිනි

පාසල භාරව කටයුතු කිරීම

උදුුවර ශ්‍රී සුමන නායක හිිමිියන්

පාසල රජයට පවරාගත් දිනය

1947

පාසල පැවැත්වූ ස්ථානය

විජිතපුර රජමහා විහාරස්ථානයේ පැරණි ධර්ම ශාලාවේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

-

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

-

 

Vijithapura M.V

අ/විජිතපුර මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • vijithapura maha vidyalaya,kalawewa,vijithapura

: (+94)252050674

: [email protected]

Supported By

© 2026 Vijithapura M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk