වර්තමාන විදුහල්පති
අ/විජිතපුර මහා විද්‍යාලය

ස්වාභාව සෞන්දර්යයෙන් අනූන විජිතපුර පුණ්‍ය භූමියෙහි පිහිටි අ/විජිතපුර මහා විද්‍යාලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කලාපයේ ඉපලෝගම කොට්ඨාසයට අයත් පාසලකි.කලාවැවෙන් පෝෂිත අසල් වැසි ගම්වල දූදරුවෝ මෙහි ඉගෙනුම ලබති.
අද වන විට මෙම විදු බිමේ අකුරු කල බොහෝ දරුවන් ගුරු, වෛද්‍ය,ඉන්ජිනේරු,නීතීඥ ආදි ඉහල තනතුරු දැරීම සතුටට කරුණකි.6 සිට 13 තෙක් පන්ති සහිත මෙහි විද්‍යාගාර,පරිගණක,ක්‍රීඩා පහසුකම් සහිතව අධ්‍යාපනය ලැබීමේ ඉඩ කඩ දරුවන්ට විවර වී ඇත.රටට දැයට වැඩදායි දරු පිරිසක් නිර්මාණය කිරිම මගේ අපේක්ෂාවයි.
විදුහල්පති
(විජේසිංහ මයා)