විජිතපුරෙ විජිත මහා විදුහල් මෑණි
සැරදෙ සදා කිරුළ දරා අප විදුහල් මෑණි....//
කලාවැවෙි දිය දහරින් පෝෂිත
රැකෙමි සැවොම සරණින් හිමි අවුකන....//
දිනෙන් දිනම ජය දද නංවන්නට
කරනෙමු අදිටන් නිති ජය ලැබුමට
විදුහල් මෑණි... අප විදුහල් මෑණි
විජිතපුරෙ විජිත මහා විදුහල් මෑණි...
අතීත ගැමුණු රජුන් පෑ විස්කම්
මවමින් සිත් තුළ වඩනෙමු දිරියෙන්...//
දැනුමෙන් පෝෂිත ලක් දූ දරුවන්
වන්නෙමු අප සැම නිති ජය ලබමින්
විදුහල් මෑණි... අප විදුහල් මෑණි...///
පද රචනය/තනුව- ඩී.එම්.සුරංග ප්‍රදීප් මයා.